Panilkanda Tea — Finest Garden Fresh Tea
New SAMAN GROUPSINCE 1999

පනිල්කන්ද තේ කර්මාන්ත ශාලාවතාක්ෂණය සමඟ ඉදිරියට

තාක්ෂණය සමඟ ඉදිරියට යමින් විශ්වසනීය සේවයක් උදෙසාම කැපවන අප හා ඔබත් එක්වන්න.

ප්‍රදේශයේ ඉහළම මිල
2,100+කුඩා තේ වතු හිමියන්ගේ විශ්වාසය
17+ගම්මාන පුරා
📞 හෝ දැන්ම අමතන්න — +94 76 627 5706
🎉 විශේෂ අවුරුදු බෝනස් 🎉

පනිල්කන්ද තේ කර්මාන්ත ශාලාවෙන් අපගේ දළු සැපයුම්කරුවන් වෙත සුවිශේෂී තෑග්ගක්!

ඔබගේ නොමඳ කැපවීමට සහ අප කෙරෙහි තබන විශ්වාසයට කෘතගුණ සැලකීමක් ලෙස, මෙවර සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් විශේෂ බෝනස් දීමනාවක් ලබා දීමට අප තීරණය කර ඇත!

🎁 මෙම විශේෂ දීමනාව හිමිවන්නේ කාටද?

ජනවාරි මාසයේ සිට දෙසැම්බර් මාසය දක්වා අඛණ්ඩව, ප්‍රමිතියෙන් ඉහළ තේ දළු අප වෙත සපයන ඔබ සැමට මෙම සුවිශේෂී බෝනස් මුදල ලබන මාර්තු මස අවසානයේදී පිරිනමනු ලැබේ.

✨ අපේ වෙනස කුමක්ද?

බොහෝ කර්මාන්ත ශාලා සිදු කරන්නේ වසර පුරා ඔබගේම මුදල් යම් ප්‍රමාණයක් කපාගෙන, එය වසර අවසානයේ නැවත ඔබට බෝනස් ලෙස ලබා දීමයි. නමුත් පනිල්කන්ද අපි ඊට සම්පූර්ණයෙන්ම වෙනස්! අප කිසිදු අයුරකින් ඔබගේ මුදල් කපා ගන්නේ නැත. මෙම විශේෂ දීමනාව අප කර්මාන්ත ශාලාව විසින්ම අපගේ වටිනා ගොවි මහතුන්ගේ දියුණුව වෙනුවෙන්ම ලබාදෙන සැබෑම ත්‍යාගයකි.

අපගේ සාර්ථකත්වයේ රහස ඔබගේ උසස් ප්‍රමිතියෙන් යුතු තේ දළුයි. එබැවින්, දිගින් දිගටම ඉහළ ප්‍රමිතියෙන් යුතු දළු අපට සපයන ලෙසත්, නිව් සමන් ගෲප්, පනිල්කන්ද තේ කර්මාන්ත ශාලාව සමග අත්වැල් බැඳගෙන සාර්ථක ගමනක් යන ලෙසත් ඔබ සැමට ගෞරවයෙන් ආරාධනා කරමු.

📞 වැඩි විස්තර සඳහා අපගේ දළු නියෝජිත මහතා අමතන්න

ඔබට ලැබෙන ප්‍රතිලාභ

තේ දළු සැපයුම්කරුවෙකු ලෙස අප හා එක්වීමෙන් ඔබට ලැබෙන විශේෂ පහසුකම්.

සතියේ දින දෙකක අත්තිකාරම් ලබා ගැනීමේ පහසුකම.

සහනදායී මිලට පොහොර ලබා ගැනීමේ හැකියාව.

නියෝජිත මහතාට දළු ලබා දුන් මොහොතේම ඇප් එක මාර්ගයෙන් විස්තර ලබා ගැනීමේ හැකියාව නිසා සම්පූර්ණ විනිවිදභාවය තහවුරු වේ.

Panilkanda App (ජංගම යෙදවුම) තුළින් දෛනික දළු වාර්තා, මාසික බිල් වාර්තා, පොහොර මිල හා කාලගුණ විස්තර ඇතුළු අත්‍යවශ්‍ය තොරතුරු බලා ගැනීමේ හැකියාව.

ඔබගේ විදුලි බිල, ජල බිල, දුරකථන බිල් ආදිය ඉතා පහසුවෙන් ගෙවීමේ හැකියාව.

අපගේ සුබසාධන අංශයෙන් ඔබට අවශ්‍ය භාණ්ඩ ලබා ගැනීමේ හැකියාව.

ඉතා ඉහළ කාර්යක්ෂම කාර්යාල සේවයක් ලබා ගැනීමේ හැකියාව.

ඉතා ඉහළ ගුණාත්මයෙන් යුත් විදේශගත කරන තේ කොළ සහනදායී මිලට ලබා ගැනීමේ හැකියාව.

ඉතා සුහදශීලී දළු නියෝජිත මහතෙකුගේ සේවය සෑම විටම ඔබ වෙනුවෙන්.

📱 Panilkanda App

දෛනික දළු වාර්තා, මාසික බිල් හා දළු වාර්තා, පොහොර මිල හා කාලගුණ විස්තර — සියල්ල එකම යෙදවුමකින්. සම්පූර්ණ විනිවිදභාවයෙන් යුතුව ඔබේ ගනුදෙනු කළමනාකරණය කරගන්න.

Panilkanda App යෙදුම විවෘත කරන්නpanilkanda.app

ඔබ අප හා සම්බන්ධ වීමට කැමතිද?

පහත විස්තර පුරවා යවන්න. අපගේ නියෝජිත මහතා ඉතා ඉක්මනින් ඔබ හා සම්බන්ධ වනු ඇත.

කරුණාකර නම, දුරකථන අංකය හා ගම නිවැරදිව පුරවන්න.
නැතහොත් WhatsApp නොමැති නම්
අප අමතන්න

🔒 ඔබගේ විස්තර ඔබ තෝරන ක්‍රමය හරහා පමණක් අප වෙත ලැබේ.

අපට කථා කරන්න: 📞 +94 76 627 5706

🌿 Looking to buy premium Ceylon tea? Shop at panilkandatea.com →
දැන්ම සැපයුම්කරුවෙකු වන්න